Live 24

Friday
May 9, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Friday
May 9, 2025
  • Home
  • international
  • ඊශ්‍රායලය එල්ල කරන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට සූදානම් – ඉරාන ජනපතිගෙන් ප්‍රකාශයක්…
Image

ඊශ්‍රායලය එල්ල කරන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට සූදානම් – ඉරාන ජනපතිගෙන් ප්‍රකාශයක්…

ලෙබනනයේ බේරුට් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයට ඊශ්‍රායලය අද (04) අලුයම ප්‍රහාරයක් කළේ ය.

ඉන් සිදුවූ බලපෑම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නැහැ.

පසුගිය සති කිහිපය තුල ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ලෙබනනයේ පුද්ගලයින් ලක්ෂ 12කට වැඩි පිරිසක් අවතැන් වී තිබේ.  

මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 2000කට ආසන්නයි.

මේ අතර, ඊශ්‍රයලය එල්ල කරන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව ඉරාන ජනපති මසුඩ් පෙසෙෂ්-කියන් පවසයි.  

ඕනෑම ආකාරයේ මිලිටරි ප්‍රහාරයකට, හෝ ත්‍රස්තවාදී ක්‍රියාවකට ඉරාන සන්නද්ධ හමුදාවන් විසින් සුදුසු පරිදි ප්‍රතිචාර දක්වනු ඇතැයි ඔහු අවධාරණය කළේ ය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ඉරානය වන්දි ගෙවනු ඇති බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ලබාදුන් ප්‍රතිඥාවකට පිළිතුරු දෙමින් ය.

ඉරානය ඉකුත් අගහරුවාදා ඊශ්‍රායලය ඉලක්ක කරගනිමින් එල්ල කල මිසයිල ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වූයේ නැහැ.

අයන් ඩෝම් සහ ඇරෝ ඇතුළු ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂණ පද්ධතිය ඉරාන මිසයිල විනාශ කර දැමූ අතර ඊට අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේද සහය හිමි විය.

Releated News

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර…

Apr 28, 2025
දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…

Apr 28, 2025
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025
2 Comments Text
  • winwavelotto says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Your blog is a testament to your dedication to your craft. Your commitment to excellence is evident in every aspect of your writing. Thank you for being such a positive influence in the online community.
  • exploreuaeonline says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    helloI like your writing very so much proportion we keep up a correspondence extra approximately your post on AOL I need an expert in this space to unravel my problem May be that is you Taking a look forward to see you
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *