Live 24

Saturday
April 26, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Saturday
April 26, 2025
  • Home
  • Local
  • ඉදිරි දින කිහිපයේ සිදුවන කුමන්ත්‍රණයක් ගැන අනුර හෙළිකරයි
Image

ඉදිරි දින කිහිපයේ සිදුවන කුමන්ත්‍රණයක් ගැන අනුර හෙළිකරයි

ඉදිරි දින කිහිපය තුළ සිදුවිය හැකි කුමන්ත්‍රණයක් පිළිබඳ ජාතික ජන බලවේගයේ, ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක හෙළිදරව්වක් සිදුකර තිබේ.

ඒ ඊයේ (16) ‘ටීවි දෙරණ’ ඔස්සේ විකාශය වූ 360 විශේෂ වැඩසටහනට එක්වෙමිනි. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,

“නිශ්චිතවම මේ මැතිවරණ ව්‍යාපාරයේ අපේ අරමුණ වුණේ බලය ලබාගැනීම. ජයග්‍රහණය කිරීමට හැකියාව තිබෙනවා. ඉදිරිදින දෙකේ දී අලුත් දෙයක් නෑ. නැවත නැවත අපේ කරුණු ඉදිරිපත් කිරීමත්, ඒ වගේම ආණ්ඩුව සහ සජිත්ගේ කඳවුර පැත්තෙන් අපට එල්ල කරන අවදාල සහ විය හැකි කුමන්ත්‍රණයන් ගැන සමාජයට කරුණු ඉදිරිපත් කිරීම තමා අපේ අපේක්ෂාව. ඔබ දකින්න ඇති අපේ රටේ බොහෝ අවස්ථාවල මැතිවරණ ක්‍රියාවලිය මෙලෙස පැවතුණත් අනපේක්ෂිත සිදුවීම් සිදුවෙනවා. ඒ නිසා පුරවැසියන් තුළ අනුමානයන් තිබෙනවා. සජබ මන්ත්‍රීවරයෙක් අවස්ථා දෙකක දී ප්‍රකාශ කළා කලබලයක් ඇති වීමේ අනතුරක් පිළිබඳව. ඒ වලේම අපි දැක්කා ජයවර්ධනපුර විශ්විවිද්‍යාලයේ සිදුවීමක් වාර්තා වෙනවා. ඒ නිසා යම් කුමන්ත්‍රණකාරී ලෙස ගැටුම්කාරී තත්ත්වයක් සමාජයේ නිර්මාණය කිරීමේ අපේක්ෂාවක් ඔවුන් තුළ තිබිය හැකියි. ඒක හෙළිදරව් කිරීමත් එවැනි කිසිදු ගැටුමකට කුමන ආකාරයකින්වත් අපේ සාමාජිකයින් සම්බන්ධ නොවෙන්නත් ඒ වගේම ගැටුමක් ඇති වෙනවා නම් පොලීසිය හා ත්‍රිවිධ හමුදාවන් ඔවුන්ට පැවරී තිබෙන බලතල තුළ එවැනි දෙයක් ව්‍යාප්ත වීම වැළැක්වීම යන ඉල්ලීම තමා අපේ පැත්තෙන් තියෙන්නේ.”

ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් තුළ විදුලි ගාස්තු තවදුරටත් අඩුකිරීමට කටයුතු කරන බව ද අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජනරැලියකදී අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

Releated News

නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025
කාදිනල් හිමි වතිකානයට පිටත් වෙයි

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ,  ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ…

Apr 23, 2025
මාර්ග නීති කැඩූ රියදුරන් 4,000කට දඬුවම්

කොළඹ නගරය ආශ්‍රිතව පොලීසිය මඟින් ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි…

Apr 22, 2025
1 Comments Text
  • situs togel says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Great Article bro, situs toto daftar sekarang
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *