Live 24

Monday
May 19, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Monday
May 19, 2025
Image

ආපහු සිලින්ඩරයෙන් තරඟ කරන්නේ නැහැ – රෝහිත

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා සිලින්ඩරය ලකුණෙන් තරග නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එමෙන්ම, වෙනත් දේශපාලන ධාරාවක් සමඟ සාකච්ඡා පැවැත්වීමට දින නියම කරගෙන ඇති බවත්, ඔවුන් සමග සාකච්ඡා කර මැතිවරණය පිළිබඳ තීරණයක් ගන්නා බවත්, ඔහු සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කලේ,

“අද විශේෂයෙන්ම අපේ කණ්ඩායම එකතු වෙලා එළඹෙන පළාත් පාලන මැතිවරණය ගැන සාකච්ඡා කරා. විශේෂයෙන්ම අපිට පේනවා රජය සිංහල අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය තියන්න ඕනේ කියලා ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ඉතින් අපි ලෑස්ති වෙනවා කොහොමද ඒ පළාත් පාලන මැතිවරණයට තරඟ කරන්නේ කියලා.

සිලින්ඩරයෙන් තරඟ කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. තවත් මේ රටේ දේශපාලන ධාරාවක් ඉන්නවා. ඒ අයත් එක්ක සාකච්ඡාවක් පවත්වනවා. ඒවට දින නියම කරගෙන තියෙනවා. ඒ ගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා විශේෂයෙන්ම අපිට එකට හිතන්න පුළුවන්. ඒ වගේම මේ රටට ආදරය කරන ඒ සියලු දෙනා ඒකරාශි කරගත්තා වූ කඳවුරක අවශ්‍ය කරන වැඩ පිළිවෙල හදන්නයි ලෑස්ති වෙන්නේ.

ඕනම ආණ්ඩුවකට විරුද්ධව ඒ ආණ්ඩුව, ජනතාවට දුන්නු පොරොන්දු ටික ඉටු කරන්නේ නැත්නම් එතකොට වෙන්නේ විපක්ෂයක් ප්‍රබල වෙන්න ඕන ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට කරන්න. නැත්නම් විපක්ෂයේ කොන්ද පණ නැත්නම් මුකුත් කරන්න බෑනේ. එතකොට ප්‍රබල විපක්ෂයක් එක්ක පළාත් පාලනයේ තරග කරලා ජයග්‍රහණය කරහම තමයි ආණ්ඩුව දැනගන්නේ ඔවුන්ට තියෙන්නේ ප්‍රසාදය ද අප්‍රසාදය ද කියලා. එකයි අපි ලෑස්ති වෙන්නේ.”

Releated News

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර…

Apr 28, 2025
දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…

Apr 28, 2025
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *