Live 24

January 23, 2026
☀️Clear sky, 26°C
January 23, 2026
☀️Clear sky, 26°C
Image

ආපහු සිලින්ඩරයෙන් තරඟ කරන්නේ නැහැ – රෝහිත

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා සිලින්ඩරය ලකුණෙන් තරග නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එමෙන්ම, වෙනත් දේශපාලන ධාරාවක් සමඟ සාකච්ඡා පැවැත්වීමට දින නියම කරගෙන ඇති බවත්, ඔවුන් සමග සාකච්ඡා කර මැතිවරණය පිළිබඳ තීරණයක් ගන්නා බවත්, ඔහු සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කලේ,

“අද විශේෂයෙන්ම අපේ කණ්ඩායම එකතු වෙලා එළඹෙන පළාත් පාලන මැතිවරණය ගැන සාකච්ඡා කරා. විශේෂයෙන්ම අපිට පේනවා රජය සිංහල අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය තියන්න ඕනේ කියලා ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ඉතින් අපි ලෑස්ති වෙනවා කොහොමද ඒ පළාත් පාලන මැතිවරණයට තරඟ කරන්නේ කියලා.

සිලින්ඩරයෙන් තරඟ කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. තවත් මේ රටේ දේශපාලන ධාරාවක් ඉන්නවා. ඒ අයත් එක්ක සාකච්ඡාවක් පවත්වනවා. ඒවට දින නියම කරගෙන තියෙනවා. ඒ ගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා විශේෂයෙන්ම අපිට එකට හිතන්න පුළුවන්. ඒ වගේම මේ රටට ආදරය කරන ඒ සියලු දෙනා ඒකරාශි කරගත්තා වූ කඳවුරක අවශ්‍ය කරන වැඩ පිළිවෙල හදන්නයි ලෑස්ති වෙන්නේ.

ඕනම ආණ්ඩුවකට විරුද්ධව ඒ ආණ්ඩුව, ජනතාවට දුන්නු පොරොන්දු ටික ඉටු කරන්නේ නැත්නම් එතකොට වෙන්නේ විපක්ෂයක් ප්‍රබල වෙන්න ඕන ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට කරන්න. නැත්නම් විපක්ෂයේ කොන්ද පණ නැත්නම් මුකුත් කරන්න බෑනේ. එතකොට ප්‍රබල විපක්ෂයක් එක්ක පළාත් පාලනයේ තරග කරලා ජයග්‍රහණය කරහම තමයි ආණ්ඩුව දැනගන්නේ ඔවුන්ට තියෙන්නේ ප්‍රසාදය ද අප්‍රසාදය ද කියලා. එකයි අපි ලෑස්ති වෙන්නේ.”

Releated News

රමේෂ් පතිරණ පොහොට්ටුවට: අළුත් තනතුරු දෙකක්

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ වෛද්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක…

Jan 22, 2026
තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ – අගමැති හරිනි

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්…

Jan 22, 2026
ට්‍රම්ප්ගේ බදු පැනවීමක් හකුළාගෙන

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ සිය අභිලාෂයට එරෙහි වූ යුරෝපා ජාතීන්ට එරෙහිව පැනවීමට නියමිතව තිබූ තීරුබදු සැලසුම අත්හිටුවීමට ඇමරිකානු…

Jan 22, 2026
කළු කෝට්, ජාතික ඇඳුම, සිවුර අපිට අදාළම නෑ

දේශපාලන ප්‍රහාර එල්ල කරන ඕනෑම අයකුට “කුඩු වෙලා යන්න” ප්‍රතිප්‍රහාර දීමට තමන් පසුබට නොවන බව කේ.ඩී. ලාල්කාන්ත මහතා…

Jan 22, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *