Live 24

Saturday
April 26, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Saturday
April 26, 2025
  • Home
  • Local
  • ආනයනික වාහන ලබන සතියේ සිට වෙළඳපොළට
Image

ආනයනික වාහන ලබන සතියේ සිට වෙළඳපොළට

ලබන සතියේ සිට ආනයනික වාහන මෙරට වෙළදපොළට නිකුත් කළ හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ප්‍රසාද් මානගේ කියා සිටියේ, ජපානයෙන් ආනයනය කර රේගුවේ සිරවී තිබෙන වාහන 400කට ආසන්න සංඛ්‍යාවක් නිදහස් කිරීමට තිබූ බාධා ඉවත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රය හේතුවෙන් මෙම පියවර ගැනීමට හැකි වන බවයි.

ජපානයෙන් ආනයනය කර රේගුවේ සිරවී තිබෙන වාහන 400කට ආසන්න සංඛ්‍යාවක් නිදහස් කිරීමට තිබූ බාධා ඉවත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළා.

ඊයේ නිකුත් කළ මෙම ගැසට් පත්‍රය මගින් එම වාහන මෙරටට එවීම සඳහා අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබූ බියුරෝ වෙරිටාස් කාර්යාංශයට ඒ සඳහා බලය ලැබෙන අතර වාහන රේගුවෙන් නිදහස් කිරීමට තිබෙන අනෙකුත් බාධාකද ඉවත් වනු ඇති.

මේ අතර ආනයනය කරන ලද දෙවන වාහන තොගයේ තිබූ විද්‍යුත් වාහන 462ක් දේශීය වෙළඳපොළට මුදාහැරීමට පියවර ගත් බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය නිවේදනය කළා.

දෙවන කාණ්ඩය යටතේ, වාහන 1159ක් මෙරටට ගෙන්වා තිබූ අතර ඉන් වාහන 669 ක් ප්‍රතිනැව්ගත කළ බව එම අදාළ නිවේදනයේ දැක්වුණා.

Releated News

නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025
කාදිනල් හිමි වතිකානයට පිටත් වෙයි

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ,  ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ…

Apr 23, 2025
මාර්ග නීති කැඩූ රියදුරන් 4,000කට දඬුවම්

කොළඹ නගරය ආශ්‍රිතව පොලීසිය මඟින් ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි…

Apr 22, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *