Live 24

Thursday
October 10, 2024
loader-image
temperature icon 26°C
heavy intensity rain
Thursday
October 10, 2024
  • Home
  • Local
  • ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
Image

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියෝග කළේ ය.

ඒ , විද්‍යුත් වීසා ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමට රජය ගෙන තිබූ තීරණය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය අගෝස්තු දෙවැනිදා නිකුත් කළ අතුරු තහනම් නියෝගය  අනුව කටයුතු නොකිරීම හේතුවෙනි.  

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ හා අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන් අද මෙම නියෝගය කළේ ය.

අධිකරණය විසින් පැවැති විද්‍යුත් වීසා ක්‍රමය බල රහිත කරමින් පැරණි වීසා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය යටතේ වීසා නිකුත් කරන ලෙසට ආගමන විගමන පාලක ජනරාල්වරයාට අතුරු තහනම් නියෝග නිකුත් කර තිබිණි.

මාසයකට අධික කාලයක් ගත වී තිබුණ ද මේ දක්වා අධිකරණ නියෝග අනුව කටයුතු කිරීම ආගමන විගමන පාලක ජනරාල්වරයා චේතාන්විතව හිතාමතා පැහැර හැර ඇති බැවින් ඔහුට එරෙහිව සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස, පසුගිය සැප්තැම්බර් 13 වැනිදා මෝසම් පත්‍ර ගොනු කරමින් පෙත්සම්කාර පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් හා එම්.ඒ.සුමන්තිරන් යන මහත්වරුන් අධිකරණයට දන්වා සිටිය හ.

එදින කරුණු සලකා බැලූ විනිසුරුවරුන් පෙත්සම්කම්කාර පාර්ශවයන්ට නියෝග කළේ,  අධිකරණය ලබාදුන් නියෝග අනුව කටයුතු කිරීම ආගමන විගමන පාලක ජනරාල්වරයා හිතාමතා නොසලකා හැර ඇති බව බැලූ බැල්මට අධිකරණයට පෙනී යන බැවින් අධිකරණයට අපහස කිරීමේ චෝදනා යටතේ ඔහුට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කරන ලෙසයි.

ඒ අනුව අද දින පෙත්සම් යළි කැඳවූ අවස්ථාවේ පෙත්සම්කාර පාර්ශව විසින් ආගමන විගමන පාලක ජනරාල්වරයාට එරෙහිව  අධිකරණයට අපහස කිරීමේ චෝදනා යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා පත්‍ර ගොනු කළ අතර ඒ අවස්ථාවේ දී චෝදනා පත්‍රය ඔහුට විවෘත්ත අධිකරණය හමුවේ කියවා දීම සිදුකළේ ය.

පසුව රටේ ඉහළම අධිකරණය ලබා දුන් නියෝග නොසලකා හැරීම ඉතාම බරපතළ තත්ත්වයක් බවත්, නීතියේ ආධිපත්‍ය රැක ගැනීමේ විනිසුරුවරුන්ගේ වගකීමක් වන බවත්, අවධාරණය කළ විනිනසුරු මඩුල්ල ඔහු අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේ ය.

ඒ අනුව පෙත්සම් විභාගය අවසන් වනතුරු ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන බව විනිසුරු මඩුල්ල නියෝගය ලබා දෙමින් ප්‍රකාශ කළේ ය.

Releated News

ජීවිත 78ක් බිළිගත් කොංගෝ කිව් විලේ බෝට්ටු අනතුර

කොංගෝ රාජ්‍යයේ කිව් විලෙහි යාත්‍රාවක් පෙරලීමෙන් පුද්ගලයින් 78 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අනතුර සිදුවන එහි…

Oct 7, 2024
පළාත් රැසකට මිලිමීටර 75 ඉක්ම වූ වැසි… කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනාවැකි

අද (07)සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, උතුරු, මධ්‍යම, නැගෙනහිර,…

Oct 7, 2024
ගිනි අවි භාර දෙන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි..

ජීවිතාරක්ෂාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති ගිනි අවි සහ ඔවුන්ට මිලදී ගැනීමට අවසර දුන් රිපීටර් වර්ගයේ ගිනි…

Oct 7, 2024
සජිත් කොළඹ කාන්තා බලය වැඩි කරයි අප්සාරිටත් කොළඹ ප්‍රධාන සංවිධායක ධූරයක්

සමගි ජන බලවේගය පක්ෂයේ බටහිර – කොළඹ ප්‍රධාන සංවිධායක ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිනියක ලෙස කටයුතු කරන…

Oct 6, 2024
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වංචා දූෂණ ගොඩයි ජනපති කොමිසමක් අවශ්‍යය

පසුගිය කාල පුරාවට ගුවන් සංස්ථා තුළ විශාල වංචා දූෂණ සිදුවී ඇති බව සඳහන් වෙනවා.විධිමත් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජනපති…

Oct 6, 2024
බන්දුලට දේශපාලනය එපාවෙයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට්…

Oct 5, 2024
කෙහෙළිය දේශපාලනයෙන් සමු ගනී

මෙවර මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහ මැතිවරණයට තරඟ නොකරන බවත් තමාට ඡන්දය එල්ලීමට සුදුසු…

Oct 5, 2024
මත්පැන් නිසා වසරකට අහිමිවන මෙරට මිනිස් ජීවිත ගණන 20,000ක් – ලෝක අමද්‍යප දිනයේදී අනාවරණයක්

ලෝක අමද්‍යප දිනය අදට යෙදී තිබේ. වසරකට මෙරට මිනිස් ජිවිත 20,000 ක් පමණ බිලිගන්නා මාරයෙක් ලෙස මත්පැන් හැඳින්වේ.…

Oct 4, 2024
ඊශ්‍රායලය එල්ල කරන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට සූදානම් – ඉරාන ජනපතිගෙන් ප්‍රකාශයක්…

ලෙබනනයේ බේරුට් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයට ඊශ්‍රායලය අද (04) අලුයම ප්‍රහාරයක් කළේ ය. ඉන් සිදුවූ බලපෑම සම්බන්ධයෙන් මෙතෙක්…

Oct 4, 2024

Leave a Reply

Your email address will not be published. Required fields are marked *