තිරසර ප්‍රවාහන පද්ධතියකින් සමන්විත සුන්දර ජීවන රටාවක් අත්කර ගැනීම උදෙසා සිහින ගමනාන්තය දිවයිනේ දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ මරදාන දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කිරිමට නියමිතයි.
දුම්රිය ස්ථානවල පොදු පහසුකම් ඉහළ නැංවීම දුම්රිය ස්ථාන පරිසර හිතකාමී වඩාත් සුවපහසු හා ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීම මෙහි මූලික අරමුණ වනවා.
පොදු ජනතාව තුළ දුම්රිය සේවාව පිළිබද විශ්වාසනීයත්වය ගොඩනගමින් සක්‍රීයව දුම්රිය සේවාව පවත්වා ගැනීමත් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයත් එම ව්‍යාපෘතියේ ඉලක්කය වෙයි.
මරදාන දුම්රිය ස්ථානයේ පෞරාණිකත්වයට හානියක් සිදු නොවන පරිදි නවීකරණ කටයුතු සිදුකිරීමට නියමිතයි.