2024 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්රීවරු 35කට අධික පිරිසක් මාදිවෙල නිවාස සංකීර්ණයෙන් නිල නිවාස ඉල්ලා අයදුම්පත් යොමු කර ඇති බව වාර්තා වෙනවා.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වන විට එම නිවාස වල අලුත්වැඩියා කටයුතු සිදු කෙරෙන බවයි.
එසේ ඉල්ලුම් කර ඇති මන්ත්රීවරුන්ට දෙසැම්බර් 03 වැනිදා සිට අදාළ නිවාස ලබාදීම ආරම්භ කරන බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.
කොළඹ සිට කිලෝ මිටර් 40ක් ඇතුළත නිවසක් නොමැති පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට නිවාස 110කින් සමන්විත මෙම නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට අවස්ථාව පවතිනවා.
පාර්ලිමේන්තු මන්ත්රී සේවා අංශය පවසන්නේ, ආණ්ඩුව හා විපක්ෂ මන්ත්රීවරුන්ගේ ඉල්ලීම්වල අනුපිළිවෙල මත මෙම නිවාස ලබාදෙන බවයි.