Live 24

January 23, 2026
☀️Clear sky, 25°C
January 23, 2026
☀️Clear sky, 25°C
  • Home
  • News
  • අයවැය සඳහා වාහන ආනයනකරුවන්ගෙන් යෝජනා කිහිපයක්

අයවැය සඳහා වාහන ආනයනකරුවන්ගෙන් යෝජනා කිහිපයක්

ඔටෝ මොබයිල් සහ විද්‍යුත් උපකරණ කර්මාන්ත සම්බන්ධයෙන් පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (16) පස්වරුවේ පැවැත්වුණා.

වත්මන් ආණ්ඩුව විසින් වාහන ආනයනය සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය හේතුවෙන් වාහන ආනයන ක්ෂේත්‍රය පුළුල් වූ බව සඳහන් කළ වාහන ආනයනකරුවෝ ඉදිරි අයවැය සඳහා ඵලදායි යෝජනා කිහිපයක්ද මෙහිදී ඉදිරිපත් කර තිබෙනවා.

විද්‍යුත් උපකරණ ආශ්‍රිත නිෂ්පාදන ආනයනකරුවන් ක්ෂේත්‍රය තුළ මුහුණ දෙන ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, විශේෂයෙන් සංවිධානාත්මක කණ්ඩායම් විසින් බදු ගෙවීමකින් තොරව හොර රහසේ මෙරටට ගෙන එනු ලබන විද්‍යුත් උපකරණ හේතුවෙන් වෙළෙඳපොළ අසමතුලිතතාවක් මෙන්ම, භාණ්ඩවල ගුණාත්මකභාවයේ අඩුවක් දක්නට ලැබෙන බවද විද්‍යුත් උපකරණ ආනයනකරුවෝ මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් ලබාදුන් සියලු ඵලදායි යෝජනා ඉදිරි අයවැය සකස් කිරීමේදී යොදා ගන්නා බවත්,  ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක භාණ්ඩ ආනයනය කිරීම සඳහා අවශ්‍ය නම් නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මෙහිදී සඳහන් කළා.

බදු දැලෙන් රිංගා භාණ්ඩ ආනයනය කරන සංවිධානාත්මක කණ්ඩායම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා. 

Releated News

රමේෂ් පතිරණ පොහොට්ටුවට: අළුත් තනතුරු දෙකක්

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ වෛද්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක…

Jan 22, 2026
තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ – අගමැති හරිනි

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්…

Jan 22, 2026
ට්‍රම්ප්ගේ බදු පැනවීමක් හකුළාගෙන

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ සිය අභිලාෂයට එරෙහි වූ යුරෝපා ජාතීන්ට එරෙහිව පැනවීමට නියමිතව තිබූ තීරුබදු සැලසුම අත්හිටුවීමට ඇමරිකානු…

Jan 22, 2026
කළු කෝට්, ජාතික ඇඳුම, සිවුර අපිට අදාළම නෑ

දේශපාලන ප්‍රහාර එල්ල කරන ඕනෑම අයකුට “කුඩු වෙලා යන්න” ප්‍රතිප්‍රහාර දීමට තමන් පසුබට නොවන බව කේ.ඩී. ලාල්කාන්ත මහතා…

Jan 22, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *