Live 24

Thursday
July 10, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Thursday
July 10, 2025
  • Home
  • News
  • අපේ ඇඟට ගොඩ වෙන්න කලින් ඇතුළෙ ප්‍රශ්න විසඳගෙන එන්න
Image

අපේ ඇඟට ගොඩ වෙන්න කලින් ඇතුළෙ ප්‍රශ්න විසඳගෙන එන්න

ජාතික ලැයිස්තු තුළ මතු වී තිබෙන අර්බුද පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා කොට විසඳාගෙන අනුමත ලේඛන පමණක්  මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු සඳහන් කළේ මැතිවරණ කොමිසම ජාතික ලැයිස්තු සම්බන්ධයෙන් ගනුදෙනු කරනු ලබන්නේ අදාළ පක්ෂවල ලේකම්වරුන් සමග පමණක් බවයි.

ඒ අනුව, මැතිවරණ කොමිසම නිල වශයෙන් පිළිගන්නේ ඔවුන් විසින් යොමු කරන ලිපි පමණක් බවද සමන් ශ්‍රී රත්නායක මහතා මෙහිදී අවධාරණය කළා.

ඔහු තවදුරටත් පවසා ඇත්තේ ඇතැම් දේශපාලන පක්ෂ අභ්‍යන්තරයෙහි  පවත්නා ගැටළු මැතිවරණ කොමිසමට අදාළ නොවන බවයි.

Releated News

Breaking: එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා…

Jul 4, 2025
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති රිමාන්ඩ්

අල්ලස් චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා එළැඹෙන ජූලි…

Jun 28, 2025
ශානිට ලොකු තනතුරක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස ශානි අබේසේකර මහතා පත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පොලිස්…

Jun 28, 2025
රාජිතවත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් ඊයේ (27)…

Jun 28, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *