Live 24

January 23, 2026
☀️Clear sky, 26°C
January 23, 2026
☀️Clear sky, 26°C
  • Home
  • Sinhala
  • අනුර පිළිගන්න චීනයත් සූදානමින්
Image

අනුර පිළිගන්න චීනයත් සූදානමින්

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට සහාය ලබා දීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබා දීම පිළිබඳව චීන රජයට කෘතඥතාව පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ (CPPCC) ජාතික කමිටුවේ උප සභාපතිනි කිං බොයොං (Qin Boyong) මහත්මිය පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (18) හමුවූ අවස්ථාවේදීයි .

එසේම මෙරට ආපදා තත්ත්වයන් වලදී ආධාර ලබා දීම මෙන්ම පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබාදීම පිළිබඳවත් ස්තුතිය පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියටත් චීනයේ සහාය අවශ්‍ය බවද පෙන්වා දී තිබෙනවා .

අතරමඟ නතර වී තිබෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ චීනයට අයත් කොටස අවසන් කළ යුතු බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා කොළඹ වරාය නගරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කෙරෙන සැපයුම් මධ්‍යස්ථානය සහ ආයතනික ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබෙනවා.

චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන සබඳතාව තවදුරටත් ශක්තිමත් කරමින් නව රජය සමඟ ඉදිරියටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව මෙහිදී කිං බොයොං මහත්මිය සඳහන් කර තිබෙනවා.

අදාළ ව්‍යාපෘති ආරම්භ කිරීමට මෙන්ම විවිධ හේතූන් මත අතරමඟ නතර වී තිබෙන සමුද්‍රීය පර්යේෂණ කටයුතු නැවතත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද උප සභාපතිනිය පවසා තිබෙනවා .

මීට අමතරව ඇය වැඩිදුරටත් සඳහන් කළේ, හම්බන්තොට ආයෝජන කලාපය ආශ්‍රිතව චීන සමාගම් ස්ථාපිත කරමින් ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවට වඩා හොඳ ප්‍රවේශයක් සලසා දීමට අපේක්ෂා කරන බවද, ඉදිරියේදී චීනයේ සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ කමිටු සාමාජික මා යුෂියැංග් (Ma Youxiang) යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබෙනවා

Releated News

රමේෂ් පතිරණ පොහොට්ටුවට: අළුත් තනතුරු දෙකක්

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ වෛද්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක…

Jan 22, 2026
තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ – අගමැති හරිනි

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්…

Jan 22, 2026
ට්‍රම්ප්ගේ බදු පැනවීමක් හකුළාගෙන

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ සිය අභිලාෂයට එරෙහි වූ යුරෝපා ජාතීන්ට එරෙහිව පැනවීමට නියමිතව තිබූ තීරුබදු සැලසුම අත්හිටුවීමට ඇමරිකානු…

Jan 22, 2026
කළු කෝට්, ජාතික ඇඳුම, සිවුර අපිට අදාළම නෑ

දේශපාලන ප්‍රහාර එල්ල කරන ඕනෑම අයකුට “කුඩු වෙලා යන්න” ප්‍රතිප්‍රහාර දීමට තමන් පසුබට නොවන බව කේ.ඩී. ලාල්කාන්ත මහතා…

Jan 22, 2026
1 Comments Text
  • TOX Messenger - Fidye iletişim kanalı says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    TOX Messenger – Fidye iletişim kanalı Saraçoğlu’nun Delphi bilgisi ve IPWorks kullanımı hakkında daha fazla detay eklenebilir. https://woowsent.com/read-blog/728
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *