Live 24

Sunday
April 27, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Sunday
April 27, 2025
  • Home
  • News
  • අධිකරණයට භාර වූ දේශබන්දු තෙන්නකෝන් හෙට දක්වා රිමාන්ඩ්
Image

අධිකරණයට භාර වූ දේශබන්දු තෙන්නකෝන් හෙට දක්වා රිමාන්ඩ්

මෝසමක් මගින් අධිකරණට භාර වූ දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට(20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ, මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා හමුවේ නඩුව අද කැඳවු අවස්ථාවේදීයි.

මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, ඇප නියෝගය හෙට දින ප්‍රකාශයට පත්කරන බවයි.

2023 දෙසැම්බර් 31 වැනි දා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය පෙබරවාරි 28 වැනි දා වරෙන්තු නිකුත් කර තිබේ.

අනතුරුව ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබීය.

Releated News

නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025
කාදිනල් හිමි වතිකානයට පිටත් වෙයි

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ,  ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ…

Apr 23, 2025
මාර්ග නීති කැඩූ රියදුරන් 4,000කට දඬුවම්

කොළඹ නගරය ආශ්‍රිතව පොලීසිය මඟින් ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි…

Apr 22, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *