Live 24

Sunday
May 18, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Sunday
May 18, 2025
  • Home
  • Local
  • අද රාත්‍රී 10 සිට ඇඳිරිනීතිය පැනවෙයි
Image

අද රාත්‍රී 10 සිට ඇඳිරිනීතිය පැනවෙයි

අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබේ.

ජනාධිපතිවරයා විසින් එම තීරණය ගෙන ඇත.

පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ජනාධිපතිවරයාට මහජන ආරක්ෂක පනතේ පැවරී ඇති බලතල ප්‍රකාරව නිකුත් කර ලද අංක 2402/23 දරණ ගැසට් පත්‍රය මගින් 2024.09.21 වන අද දින රාත්‍රි 10.00 සිට 2024.09.22 වන දින උදෑසන 6.00 දක්වා මුළු දිවයිනටම සහ දේශීය ජල තීරයට බල පැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කර ඇති බවය.

මේ වනවිට රට තුළ ඉතා සාමකාමී තත්ත්වයක් තිබුණ ද, මහජනතාවගේ වැඩිදුර ආරක්ෂාව සඳහා මෙම ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කර ඇති අතර, ඇඳිරිනීති කාලසීමාව තුළ තම නිවෙස්වලට වී කාලය ගත කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම කාලසීමාව තුළ ඡන්ද කටයුතු රාජකාරී යෙදී සිටින නිලධාරීන්ට අදාළව බලයලත් නිලධාරීන් විසින් නිකුත් කර තිබෙන හැඳුනුම්පත්, බලයලත් ලේඛන ඇඳිරිනීති බලපත්‍ර ලෙස භාවිත කළ හැකිය.

විදේශගත වීමේ අපේක්ෂාවෙන් ගුවන්තොටුපොළ වෙත ගමන් කරන සහ විදේශවල සිට පැමිණ ගුවන්තොටුපොලෙන් පිටවන සියලු දෙනාට ඔවුන්ගේ ගුවන් ටිකට් පත්‍රය හෝ ඒ බව තහවුරු කිරීම සඳහා තිබෙන ලේඛන ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකිය.

මීට අමතරව අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන ආයතනවල අදාළ සේවකයන් සඳහා ඔවුන්ගේ රාජකාරී හැඳුනුම්පත හෝ සුදුසු ලේඛනයක් භාවිත කළ හැකි අතර, එම ලේඛනය සහ අදාළ පුද්ගලයාගේ අන්‍යතාවය තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන පොලීසිය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය.

මෙම කාලසීමාව තුළ ඇඳිරිනීතිය ඉතා තදින් ක්‍රියාත්මක කිරීමට සියලුම පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත.

එය උල්ලංගණය වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදු නොකරන ලෙස සියලුම මහජනතාව වෙත ශ්‍රී ලංකා පොලීසිය අවධාරණය කර සිටියි.

Releated News

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර…

Apr 28, 2025
දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…

Apr 28, 2025
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *